දෙවන පාසල් වාරය අදින් අවසන් – තුන්වන වාරය අදියර තුනක් යටතේ

2022 වර්ෂයට අදාළ පාසල් දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නා.

යළි ලබන 05 වනදා ආරම්භ වන තුන්වන වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙනවා

ඒ, අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා.

23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර, දෙවන අදියර යටතේ පාසල් ආරම්භ වන්නේ ජනවාරි 02 වනදායි.

ඒ, අනුව ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමටයි නියමිතව තිබෙනවා.

ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා නිවාඩු ලබාදෙන අතර, සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වනදා දක්වා එම නිවාඩු ලබා දීමටයි සැලසුම්කර ඇත්තේ.

තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?