දෙවන එක්දින තරඟය වර්ෂාව නිසා අත්හැර දැමේ

දෙවන එක්දින තරඟය වර්ෂාව නිසා අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කරා.වර්ෂාව නිසා තරඟය නතර කරන විට ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 10 ක් රැස් කරගෙන සිටියා.

සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී ඇෆ්ගනිස්තානු නායකයා කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් අතර පන්දුවාර 48.2 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 3 ක් ද ලහිරු කුමාර හා මහීෂ් තීක්ෂණ අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.

දෙරට අතර තුන්වන හා අවසාන එක්දින තරඟය එළඹෙන බදාදා(30) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?