Empty Ad
AFC Banner
Empty Ad

දෙලක්ෂ පනස් අට දහස ඉක්ම වූ පොල් වත්තේ පොල් සොරකම

හලාවත වැවිලි සමාගමට අයත් වත්තකින් රුපියල් 2,58,700 ක් වටිනා පොල් සොරකම් කළ බව කියන එම සමාගමේ සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත වැවිලි සමාගමේ මාදම්පේ කොට්ඨාසයේ වතු අධිකාරී ගාමිණී අනුරුද්ධ දිසානායක යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාන්කඩවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුව සහ හලාවත වැවිලි සමාගමේ මාදම්පේ කොට්ඨාසයේ ගල්වාගාර වතු යායේ සේවය කරන සේවකයෙකු බවයි පැවසෙන්නේ.

හලාවත වැවිලි සමාගමේ මාදම්පේ කොට්ඨාසය භාර වතු අධිකාරීවරයා ඉකුත් 06 වැනිදා නිවාඩු ලබා ගොස් ඇති අතර 06 වැනිදා රාත්‍රී 7.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකින් පවසා ඇත්තේ ගල්වාගාර වත්ත තුළ කිසියම් පිරිසක් පොල් කඩා පිට කරමින් සිටින බවයි.

ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති පොලීසිය වතු යායේ සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ද
පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂණවලින් අනතුරුව ගල්වාගාර වත්තේ පොල් තොග බාරව සිටින සේවකයෙකු පැමිණ පොලීසියට පවසා ඇත්තේ අදාළ සොරකම සිදු කරන ලද්දේ තමන් විසින් බවයි.

ඒ අනුව තිදෙනෙකුව ගස් නංවා පොල් කැඩීමක් සිදු කළ බව ද පසුව එම පොල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කළ බව ද සැකකරු පවසා තිබෙනවා.

සැකකරුගේ ප්‍රකාශය අනුව පොල් මිල දී ගැනීම සිදු කළ බව කියන ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය සොරකම් කරන ලද පොල් තොගයක් ද සොයා ගැනුණා.

එම පොල් තොගය ප්‍රවාහනය සඳහා යොදා ගත් බව කියන ලොරි රථයක් ද පොලිස් බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
4
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?