දෙලක්ෂ පනස් අට දහස ඉක්ම වූ පොල් වත්තේ පොල් සොරකම

හලාවත වැවිලි සමාගමට අයත් වත්තකින් රුපියල් 2,58,700 ක් වටිනා පොල් සොරකම් කළ බව කියන එම සමාගමේ සේවකයෙකු සහ ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත වැවිලි සමාගමේ මාදම්පේ කොට්ඨාසයේ වතු අධිකාරී ගාමිණී අනුරුද්ධ දිසානායක යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාන්කඩවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුව සහ හලාවත වැවිලි සමාගමේ මාදම්පේ කොට්ඨාසයේ ගල්වාගාර වතු යායේ සේවය කරන සේවකයෙකු බවයි පැවසෙන්නේ.

හලාවත වැවිලි සමාගමේ මාදම්පේ කොට්ඨාසය භාර වතු අධිකාරීවරයා ඉකුත් 06 වැනිදා නිවාඩු ලබා ගොස් ඇති අතර 06 වැනිදා රාත්‍රී 7.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකින් පවසා ඇත්තේ ගල්වාගාර වත්ත තුළ කිසියම් පිරිසක් පොල් කඩා පිට කරමින් සිටින බවයි.

ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති පොලීසිය වතු යායේ සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ද
පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂණවලින් අනතුරුව ගල්වාගාර වත්තේ පොල් තොග බාරව සිටින සේවකයෙකු පැමිණ පොලීසියට පවසා ඇත්තේ අදාළ සොරකම සිදු කරන ලද්දේ තමන් විසින් බවයි.

ඒ අනුව තිදෙනෙකුව ගස් නංවා පොල් කැඩීමක් සිදු කළ බව ද පසුව එම පොල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කළ බව ද සැකකරු පවසා තිබෙනවා.

සැකකරුගේ ප්‍රකාශය අනුව පොල් මිල දී ගැනීම සිදු කළ බව කියන ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය සොරකම් කරන ලද පොල් තොගයක් ද සොයා ගැනුණා.

එම පොල් තොගය ප්‍රවාහනය සඳහා යොදා ගත් බව කියන ලොරි රථයක් ද පොලිස් බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
4
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46