දෙමාපියන් සමග උරණ වී කෝටිපති දියණිය ගත් මෝඩ තීරණය

ජංගම දුරකතනය භාවිතයෙන් පවත්වාගෙන ගිය පෙමක් ගැන දෙමාපියන් තරවටු කිරීම ගැන උරණ වූ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියක් නාන කාමරයේදී සිරුරට ගිනි අවුලා ගනිමින් දිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ගලහ අන්නාසිවත්ත පදිංචි 19 හැවිරිදි දැරියකි. මෙම සිදුවීම පෙරේදා (15) උදෑසන 10.30 ට පමණ සිදුව ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේද ඉහළින්ම සමත් වී උසස් පෙළ විභාගය සඳහා සූදානමින් සිටි මැය කෝටිපති පවුලක දියණියකි. ඇයගේ මව ගුරුවරියක වන අතර පියා ගලහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

මෙම දැරිය නිවැසියන්ට නොදන්වා ජංගම දුරකතනයක් භාවිතා කර ඇත. එම ජංගම දුරකතනය හා එහි තිබූ පණිවුඩයක් තම සහෝදරයාට හා දෙමාපියන්ට හසුවී ඇත. එහිදී ඇයට පෙම්වතෙකු සිටින බව කියා දෙමාපියන් දැඩිව අවවාද කිරීම ගැන උරණවී දැරිය මෙසේ සියදිවි හානි කරගෙන ඇතැයි පොලිසිය පවසන්නේ.

නාන කාමරයට ගොස් දොර අගුළු වසාගෙන ලීටර් දෙකහමාරක භූමිතෙල් කෑනයක් හා ලීටර් භාගයක භූමිතෙල් කෑනයක් සිරුරට දමාගනිමින් ගිනි තබාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.

සියදිවි නසාගත් මෙම දැරිය හා පසුගියදා (09) මහනුවර කළුපාලමෙන් මහවැලි ගඟට පැන සියදිවි නසාගත් බව කියන දැරියත් එකම පාසලක ඉගෙනුම ලබන දැරියන් බැවින් මෙම මරණ දෙක අතර සම්බන්ධයක් ඇත්දැයි විශාල සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර සිටිනවා.

ගලහ පොලිසිය මූලිකත්වයෙන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇප ලැබුණු මතුගම සභාපති මහ හෙනඟක් මැදින් යන හැටි.."දැන් ඉදන්ම වැඩ..මහ ජනතාවගේ ඡන්දෙන් ආවේ වැඩ කරන්න"
04:21
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15


?