දෙමටගොඩ දී කතක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ උත්සාහයක්

දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකට ඊයේ (10) තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.

තියුණු ආයුධවලින් පහර කෑමට ලක්වූ 38 හැවිරිදි ‘රෝසි’ නැමති කාන්තාව බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදිඔම සිදුකර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙය මෙහෙයවා ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහුගේ මත්ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දුන් බවට පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පහර කෑමට ලක්වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

කෙසේ වෙතත් පහරදීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා අසල්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
2
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?