spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙමටගොඩ දී කතක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ උත්සාහයක්

දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකට ඊයේ (10) තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.

තියුණු ආයුධවලින් පහර කෑමට ලක්වූ 38 හැවිරිදි ‘රෝසි’ නැමති කාන්තාව බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදිඔම සිදුකර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙය මෙහෙයවා ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහුගේ මත්ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දුන් බවට පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පහර කෑමට ලක්වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ.

කෙසේ වෙතත් පහරදීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා අසල්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
2
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?