AFC Banner
AFC Banner
Empty Ad

දෙබර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් මරුට

මනම්පිටිය ප්‍රදේශයේදී දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අද සවස මෙලෙස දෙබර ප්‍රහාරයකට ලක්වී ඇත්තේ 67 හැවිරිදි සිව්දරු මවක් වන අතර තුවාල ලබා ඇත්තේ ඇයගේ ලේලියක් බව සඳහන්.

අද සවස නිවසේ සිටියදී ඔවුන්ට දෙබරුන් දෂ්ඨ කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා මනම්පිටිය රෝහලට ඇතුලත් කර තිබුණා.

එහිදී බරපතල තත්වයේ සිටි කාන්තාව මියගොස් ඇතැයි සඳහන්.

ඇයගේ ලේලිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?