දෙදිනක් තුළ කළ මෙහෙයුම් රැසකින් උතුරෙන් කිලෝ ගණනින් බීඩිකොළ මතුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම සහා මන්නාරම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පෙරේදා (21) සහ ඊයේ (22) දෙදින තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහා කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1318.22 පමණ තොගයක් (තෙත බර සහිත ව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් අදාළ වැටලීම සිදු කරන ලද බවයි.

පෙරේදා දිනයේ දී නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී එම වෙරළ ප්‍රදේශයට ගසාගෙන විත් තබූ උර හතරක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 206කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණු අතර ඊයේ වැටලීම සිදු කෙරුණු තලෛයිමන්නාරම පරණ පාලම වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින්, මුහුදේ පාවෙමින් තිබු සහ වෙරළ තීරයට ගසාගෙනවිත් තිබු උර 16 සහ පාර්සල් 09ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 1050කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මගින් මන්නාරම උතුර මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමක දී එම මුහුදේ පාවෙමින් තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 60 ග්‍රෑම් 920ක් එක් උරයක තිබී සොයා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙම මෙහෙයුම් මගින් තලෛයිමන්නාරම සහ මන්නාරම ප්‍රදේශ වෙතින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්‍ෂිතව තබා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56
Video thumbnail
අජිත් නැගිටිලා බිමල් එක්ක ගේම ඉල්ලයි
01:42
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34


?