Empty Ad
AFC Banner
Empty Ad

දෙදරු මවකට දිවි අහිමි කළ අවිස්සාවේල්ල අනතුර

අවිස්සාවේල්ල – කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක – මාවතගම, කොඩිගහකන්ද මාවත අසල දී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් යතුරු පැදියක පසුපැදිකරු ලෙස සිටි කාන්තාවක් එම ස්ථානයේදී ම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනතුරට ලක් වූ යතුරුපැදි දෙකම පහත්ගම දෙස සිට මීපේ දෙසට ධාවනය කර ඇති අතර මියගිය කාන්තාව තම ස්වාමිපුරුෂයා සමග ගමන්ගත් යතුරුපැදිය වම් අත දෙසින් ධාවනය කරමින් සිට එක්වරම මාර්ගය හරහා දකුණු පැත්තට ධාවනය කරවීමේ දී එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන බමුණුආරච්චිගේ කුමාරි සාගරිකා නමැති 48 හැවිරිදි දෙදරු මවක්.

අනතුරින් තුවාල ලැබූ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ අනෙක් යතුරුපැදියෙහි පැදිකරු සුළු තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය කාන්තාවගේ දේහය එම රෝහලේ ම මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?