දෙදරු මවකට දිවි අහිමි කළ අවිස්සාවේල්ල අනතුර

අවිස්සාවේල්ල – කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක – මාවතගම, කොඩිගහකන්ද මාවත අසල දී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් යතුරු පැදියක පසුපැදිකරු ලෙස සිටි කාන්තාවක් එම ස්ථානයේදී ම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනතුරට ලක් වූ යතුරුපැදි දෙකම පහත්ගම දෙස සිට මීපේ දෙසට ධාවනය කර ඇති අතර මියගිය කාන්තාව තම ස්වාමිපුරුෂයා සමග ගමන්ගත් යතුරුපැදිය වම් අත දෙසින් ධාවනය කරමින් සිට එක්වරම මාර්ගය හරහා දකුණු පැත්තට ධාවනය කරවීමේ දී එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන බමුණුආරච්චිගේ කුමාරි සාගරිකා නමැති 48 හැවිරිදි දෙදරු මවක්.

අනතුරින් තුවාල ලැබූ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ අනෙක් යතුරුපැදියෙහි පැදිකරු සුළු තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය කාන්තාවගේ දේහය එම රෝහලේ ම මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39