අයිශ්වර්යා රායි කියන්නේ කවුද ? ඔව් ඉතින්! එයාව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. බොලිවුඩයට ආදරේ කරන කවුරුත්, ඇයව දන්නවා. විශ්ව රූ රැජින ලෙස කිරුළ පළන් ඇය පසුව බොලිවුඩය වර්ණවත් කළ සරාගීම නිළිය බවට පත් වෙනවා.
ඉන් එහාට බොලිවුඩයේම දැවැන්ත අත්තක් (නෑ නෑ එහෙම කියන එක හරි නෑ.)
එහෙම නැත්තම් සුපිරිම චරිතයක් “මාමණ්ඩිය” කරගන්න ඇයට වරම් ලැබෙනවා. ඒ අමිතාබ් බච්චන්ව.
ඇගේ සැමියා වුණේ අභිෂේක් බච්චන්. ඉතින් දැන් මේ දෙන්නගේ පුංචි දූ පැටියාට අවුරුදු 10ක් වෙනවා. ඇගේ නම ආරාධ්‍යා..
පසුගිය දවසක මාලදිවයිනේ නිවාඩුව ගත කරලා ආපු මේ තුන්දෙනා මුම්බායි ගුවන් තොටුපළේදී පැපරාසින්ගේ කැමරාවට හසුවෙලා තියෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරපු විදිහට “ආරාධ්‍යා” ඇගේ අම්මගේ අත අත අරින්නෙම නැල්ලූ.
බච්චන් පවුලේ දඟකාර කෙලි පොඩ්ඩගේ ලස්සන ගමන ගැන දැන් හැමෝම කතා කරනවලූ..
විදෙස් මාධ්‍ය















