AFC Banner
Empty Ad
Empty Ad

දු දරුවන් සම්බන්ධව පොලිසියෙන් දෙමාපියන්ට පණිවිඩයක්

තරුණ පිරිස් මුලා කරමින් හා විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අද දිනයේ සංවිධාන කර ඇති සැකසහිත සාද වටලන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ, එවැනි ස්ථාන හඳුනාගැනීම සඳහා පොලිස් බුද්ධි නිලධාරීන්ද යොදවා ඇති බවයි.

එසේම තම තරුණ දූ දරුවන් අද දිනයේ සිදු කරන ගමන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ට දැනුම් දුන්නා.

මේ අතර අනුරාධපුර – දහයියාගම ප්‍රදේශයේ හෝටලයක පැවති සුපිරි පැලැන්තියේ මත් සාදයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ගනු ලැබුවේ පෙරේ දා දිනයේදි යි.

එහි දී ඔවුන් සතු ව තිබී විෂ මත්ද්‍රව්‍යය ද සොයාගනු ලැබුවා.

මෙම සාදයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද සහභාගි වී ඇති අතර, ඔහු වැටලීමට පෙර එම ස්ථානයෙන් පිටත් ව ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම මුහුණු පොත හරහා මහනුවර ප්‍රදේශයේ හෝටලයක සංවිධාන කර තිබූ සාදයක් ද පෙරේදා පොලිසිය වැටලූ අතර එහි දී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ විෂ මත්ද්‍රව්‍යය ද සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?