දුෂ්කර පාසල් සංවර්ධනයේ දී හිතවත්කම් මත පාසල් තෝරගන්න එපා – අගමැති හරිනි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය නිර්දේශය පමණක් නොව පාසල් යටිතල පහසුකම් සංවර්ධනය, ගුරුවරුන් පුහුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ ජනතාව තුළ කතිකාවක් ඇති කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේ දී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා ගැනීම සිදුකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත නියෝජනය කරන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (13) නැගෙනහිර පළාත් සභාවේ පැවති වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව පැවසුවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සියලු දරුවන්ට රැකියාවකට යොමුවීමට හෝ උපාධිය හැදැරීමට අවස්ථාව හිමිවන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවල දී අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත් සභාවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කලාප කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඒකාබද්ධව සහයෝගය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?