දුෂ්කර පාසල් සංවර්ධනයේ දී හිතවත්කම් මත පාසල් තෝරගන්න එපා – අගමැති හරිනි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය නිර්දේශය පමණක් නොව පාසල් යටිතල පහසුකම් සංවර්ධනය, ගුරුවරුන් පුහුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ ජනතාව තුළ කතිකාවක් ඇති කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේ දී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා ගැනීම සිදුකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත නියෝජනය කරන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (13) නැගෙනහිර පළාත් සභාවේ පැවති වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව පැවසුවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සියලු දරුවන්ට රැකියාවකට යොමුවීමට හෝ උපාධිය හැදැරීමට අවස්ථාව හිමිවන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවල දී අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත් සභාවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් කලාප කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඒකාබද්ධව සහයෝගය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00