දුරුතු පුර පසළොස්වක පොහෝ දා ‘දසත බෝ පත’ වැඩසටහන සාර්ථකව නිමවෙයි

ලොව්තුරා බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර, උන්වහන්සේගෙන් ධර්මය අසා
සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් මිටක් ලබාදීම සහ එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද සිදුව ඇත්තේ ද අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව ඉතිහාසයේ සඳහන්.

දුරුතු පුර පසළොස්වක පොහොය, උදා වූ නව වසරේ පළමු පොහෝ දිනයවීම නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වෙත ආගමික වතාවත් වෙනුවෙන් බෞද්ධ ජනතාව උදෑසන සිට වැඩි වශයෙන් රැස්ව සිටියා.

මේ අතර දසත මාධ්‍ය ජාලය සෑම පුන් පොහෝ දිනකම විකාශය කරන ‘දසත බෝ පත’ පෝදා වැඩසටහන, දුරුතු පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද දිනයේ සිදුකෙරණු ලැබුවේ අලව්ව මෙත් මුණි මහ සෑ පිං බිමේදීයි .

අලව්ව මෙත් මුණි මහ සෑ නිර්මාතෘ පූජ්‍ය මාතර විජයසීහ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අද දිනය පුරා සිදුකෙරෙන මෙම පිංකමේ, උවැසි උවැසියන් අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් කරවීම සහ උදෑසන කිරි ආහාර බුද්ධ පූජාව සිදුකළේ මෙත් මුණි මහ සෑ නිර්මාතෘ පූජ්‍ය මාතර විජයසීහ ස්වාමීන් වහන්සේගේ විසින්.

අනතුරුව දුරුතු පෝදා උදෑසන ධර්ම දේශණය සිදුකළ අතර, ඒ සඳහා වැඩමකරනු ලැබුවේ පූජ්‍ය පොල්පිටියේ සිරිරතන ස්වාමීන් වහන්සෙයි.

දුරුතු පුර පසළොස්වක පොහෝදා දහවල් සම්බුද්ධ පූජාව සිදුකරනු ලැබුවේ පූජ්‍ය කොවුල්වැවේ උපරතන ස්වාමීන් වහන්සේ විසින්.

පසුව, කාව්‍ය විශාරද කාව්‍ය ශ්‍රී පූජාපිටියේ නාලක ස්වාමින් වහන්සේ විසින් සුමධුර කාව්‍යමය ධර්ම දේශණයක් සිදු කරනු ලැබුවා.

දුරුතු පුර පසළොස්වක පොහෝ දින ‘දසත බෝ පත’ පෝදා වැඩසටහනේ සවස ධර්ම දේශණය පවත්වනු ලැබුවේ සාසන කීර්ති සාසනසෝභන මහා උපාද්‍ය පූජ්‍ය බෝපිටියේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ විසිනුයි.

ධර්ම දේශණයෙන් අනතුරුව හරවත්, කාලින ධර්ම සාකච්ඡාවක් සිදු කරනු ලැබුවේ මෙත්මුණි මහා සෑයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මාතර විජයසීහ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්.

ඒ අනුව දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද දිනය පුරාවට අලව්ව මෙත් මුණි මහ සෑ පිං බිමේදී පැවැත්වුණු ‘දසත බෝපත වැඩසටහනේ’ අවසානයේ දී අටවිසි බෝධි පූජාමය පිංකමද මෙත්මුණි මහා සෑයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මාතර විජයසීහ ස්වාමින් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝගියෙක්ව බලන්න ආපු කෙනාට හොස්පිටල් එකේ සිකුරිටි අයියා දාපු සද්දේ
00:49
Video thumbnail
මාව ඉවරයක් කරලා අළු ටික නළලේ ගාගනිල්ලා
08:01
Video thumbnail
සමලිංගිකත්වය උගන්වන්න ඕනේ කියන ස්ථාවාරයේ මම නැහැ
04:07
Video thumbnail
ආන්දෝලනාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්
04:48
Video thumbnail
මාව අත්අඩංගුවට ගන්න - මිහින්තලේ හිමි පොලිසියට යයි
14:06
Video thumbnail
නොච්චියාගම පොලිසියේ කැත වැඩ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
25:49
Video thumbnail
බුදු පිළිම ප්‍රශ්නයක් නිසා නාවින්න උණුසුම් වෙයි
05:34
Video thumbnail
මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් මුහුදේ ගිනි තබා මුහුදුබත් කරයි
08:31
Video thumbnail
රනිල් කළේ ආර්ථික විශ්වකර්මයක් - ඒ වගේ දෙයක් මම දැකලා නෑ
03:55
Video thumbnail
කොහුවල වෙ# තැබීමේ සිද්ධියට සිව්දෙනෙක් අල්ලයි
00:48


?