දුරුතු පුර පසළොස්වක පොහෝ දා ‘දසත බෝ පත’ වැඩසටහන සාර්ථකව නිමවෙයි

ලොව්තුරා බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලංකාවට වැඩම කර, උන්වහන්සේගෙන් ධර්මය අසා
සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් මිටක් ලබාදීම සහ එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද සිදුව ඇත්තේ ද අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව ඉතිහාසයේ සඳහන්.

දුරුතු පුර පසළොස්වක පොහොය, උදා වූ නව වසරේ පළමු පොහෝ දිනයවීම නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වෙත ආගමික වතාවත් වෙනුවෙන් බෞද්ධ ජනතාව උදෑසන සිට වැඩි වශයෙන් රැස්ව සිටියා.

මේ අතර දසත මාධ්‍ය ජාලය සෑම පුන් පොහෝ දිනකම විකාශය කරන ‘දසත බෝ පත’ පෝදා වැඩසටහන, දුරුතු පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද දිනයේ සිදුකෙරණු ලැබුවේ අලව්ව මෙත් මුණි මහ සෑ පිං බිමේදීයි .

අලව්ව මෙත් මුණි මහ සෑ නිර්මාතෘ පූජ්‍ය මාතර විජයසීහ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අද දිනය පුරා සිදුකෙරෙන මෙම පිංකමේ, උවැසි උවැසියන් අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් කරවීම සහ උදෑසන කිරි ආහාර බුද්ධ පූජාව සිදුකළේ මෙත් මුණි මහ සෑ නිර්මාතෘ පූජ්‍ය මාතර විජයසීහ ස්වාමීන් වහන්සේගේ විසින්.

අනතුරුව දුරුතු පෝදා උදෑසන ධර්ම දේශණය සිදුකළ අතර, ඒ සඳහා වැඩමකරනු ලැබුවේ පූජ්‍ය පොල්පිටියේ සිරිරතන ස්වාමීන් වහන්සෙයි.

දුරුතු පුර පසළොස්වක පොහෝදා දහවල් සම්බුද්ධ පූජාව සිදුකරනු ලැබුවේ පූජ්‍ය කොවුල්වැවේ උපරතන ස්වාමීන් වහන්සේ විසින්.

පසුව, කාව්‍ය විශාරද කාව්‍ය ශ්‍රී පූජාපිටියේ නාලක ස්වාමින් වහන්සේ විසින් සුමධුර කාව්‍යමය ධර්ම දේශණයක් සිදු කරනු ලැබුවා.

දුරුතු පුර පසළොස්වක පොහෝ දින ‘දසත බෝ පත’ පෝදා වැඩසටහනේ සවස ධර්ම දේශණය පවත්වනු ලැබුවේ සාසන කීර්ති සාසනසෝභන මහා උපාද්‍ය පූජ්‍ය බෝපිටියේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ විසිනුයි.

ධර්ම දේශණයෙන් අනතුරුව හරවත්, කාලින ධර්ම සාකච්ඡාවක් සිදු කරනු ලැබුවේ මෙත්මුණි මහා සෑයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මාතර විජයසීහ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්.

ඒ අනුව දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද දිනය පුරාවට අලව්ව මෙත් මුණි මහ සෑ පිං බිමේදී පැවැත්වුණු ‘දසත බෝපත වැඩසටහනේ’ අවසානයේ දී අටවිසි බෝධි පූජාමය පිංකමද මෙත්මුණි මහා සෑයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මාතර විජයසීහ ස්වාමින් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39