දුමින්ද දිසානායකට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට අද (14) දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාට මෙලෙස ඇප නියම කෙරුණා.

ඒ, අනුව රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විය යුතු බවයි නියෝග කළේ.

ඊට අමතරව සැකකාර දුමින්ද දිසානායකට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය නියෝග කළා.

සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩි විරෝධයක් දැක්වූ අතර, මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, සැකකරු සන්තකයේ ගිනිඅවියක් තබාගෙන ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් සැකකරුව ඇප මත මුදාහැරීමට අධිකරණය තීන්දු කරන බවයි.

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත T-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?