දුමින්ද දිසානායකට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට අද (14) දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාට මෙලෙස ඇප නියම කෙරුණා.

ඒ, අනුව රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විය යුතු බවයි නියෝග කළේ.

ඊට අමතරව සැකකාර දුමින්ද දිසානායකට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය නියෝග කළා.

සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩි විරෝධයක් දැක්වූ අතර, මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, සැකකරු සන්තකයේ ගිනිඅවියක් තබාගෙන ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් සැකකරුව ඇප මත මුදාහැරීමට අධිකරණය තීන්දු කරන බවයි.

වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත T-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47