AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය සේවක ගැටළු විසඳන්න කොමිසමක් පත්කරන්න – ජනපතිගෙන් උපදෙස්

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබුවා.

සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?