දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉදිරිපිටින් අවහිර කර විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.ඉන්ධන ඉල්ලා දුම්රිය සේවයකයන් මෙලෙස විරෝධය ආරම්භ කර ඇත.
අද උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වූ අතර පෙරවරු 11.50ට කොළඹ කොටුව සිට කන්කසන්තුරය බලා ධාවනය කිරීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අවලංගු කිරීමට කටයුතු කෙරුණා.කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ එම ස්ථානවලින් ඉවත්වීමට ද පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




