දුම්රිය පෙනි පෙනී මදුරුවාගෙන් ඉගිලෙන්න ගිය කාන්තාව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

දුම්රිය හරස් මාර්ගයක දී කාන්තාවක් ධාවනය කරන යතුරුපැදියක් දුම්රියේ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

වවුනියාව, තාන්ඩිකුලම් ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ කාන්තාව දුම්රිය එන බව පෙනි පෙනී සිය යතුරුපැදිය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ධාවනය කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේ දී යතුරුපැදියේ පසුපස කොටස දුම්රියේ ගැටෙන ආකාරය එහි සටහන්ව තිබෙනවා.

මෙම අනතුරින් කාන්තාව සුළු තුවාල ලබා ඇති අතර, යතුරුපැදියට ද සුළු අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
5
+1
1
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?