Update – දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

දුම්රිය නියාමකවරුන් අද (30) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති අතර දුම්රිය ප්‍රමාදය පස්වරුව වන විට අවම කරගැනීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

විනය සහ අතිකාල සම්බන්ධ ගැටළුවක් මුල් කරගනිමින් නියාමකයින් අද පෙරවරුවේ මෙම වර්ජනය ආරම්භ කළා.

Update – 2022-09-30 (11.49 AM)

දුම්රිය නියාමකවරුන් වර්ජනයක

දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භකර තිබෙනවා.

මේ හේතුවෙන් ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාදවීම හෝ අවලංගු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?