AFC Banner
AFC Banner
Empty Ad

දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ගිය උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානය තුළදී මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරු 3.30ට පමණ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

එම දුම්රියේ එන්ජිම පමණක් පීලි පැනීමට ලක් වී ඇති අතර එම දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රියන් දුම්රිය ස්ථානයේ අනෙක් දුම්රිය මාර්ගයේ ධාවනය කිරිමට හැකි බවයි වටගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

පීලි පැනීමට ලක් වූ උඩරට මැණිකේ දුම්රියේ එන්ජිම ගලවා ඉවත් කර එම දුම්රිය ස්ථානයේ එක් වේදිකාවක නතර කර තිබෙනවා.

උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් මගීන්ව බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා යැවීමට පියවර ගෙන ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

පීලි පැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීලිගත කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?