දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ගිය උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානය තුළදී මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරු 3.30ට පමණ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.

එම දුම්රියේ එන්ජිම පමණක් පීලි පැනීමට ලක් වී ඇති අතර එම දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රියන් දුම්රිය ස්ථානයේ අනෙක් දුම්රිය මාර්ගයේ ධාවනය කිරිමට හැකි බවයි වටගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

පීලි පැනීමට ලක් වූ උඩරට මැණිකේ දුම්රියේ එන්ජිම ගලවා ඉවත් කර එම දුම්රිය ස්ථානයේ එක් වේදිකාවක නතර කර තිබෙනවා.

උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් මගීන්ව බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා යැවීමට පියවර ගෙන ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

පීලි පැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීලිගත කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16