AFC Banner
AFC Banner
Empty Ad

දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ ගමනා ගමනයට බාධා (වීඩියෝ)

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර අද (05) උදෑසන දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු සඳහන් කළේ.

නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 1520 දරණ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර, එය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකර තිබෙනවා.

දුම්රිය පීලිපැනීමත් සමඟ දුම්රියෙන් ගමන්කරන මගීන් කොටගල සිට නානුඔය දක්වා බස් රථවලින් ප්‍රවාහනය කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වූණේ.

https://youtu.be/NoOx-nJ9yTA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?