AFC Banner
AFC Banner
Empty Ad

දුම්රියක් පදවන්න පුහුණුවන සහාය නියාමකවරයෙක්ට දීලා – වීඩියෝව සමාජ මාධ්‍ය කලඹයි

දුම්රිය සහාය නියාමක තනතුරට පුහුණුවන ආධුනිකයෙක් දුම්රියක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ වනවිට සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී අනාවරණය වුණේ රියදුරු පසෙක සිට මෙම ආධුනික සහාය නියාමකට දුම්රිය ධාවනයට අවස්ථාව ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් එය දුම්රිය ආඥා පනත අනුව ඉතා බරපතළ ගණයේ වරදක් වනවා.

දුම්රියක් වෙනත් පුද්ගලයකු සතු කිරීම ආඥා පනතේ පැහැදිලිවම සටහන් කර ඇත්තේ බරපතල වරදක් ලෙසයි.

මේ සම්බන්ධයෙන් ලොකොමොට්ව් ඔපරේටින් ඉංජිනියස් සංගමය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාව ලිපියක් මඟින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම සංගමය පවසන්නේ මෙම සිදුවීමට හවුකාරී පිරිස් සේවයෙන් පහ කිරීමේ තරම් වරදක් සිදුකර ඇති බවයි.

ලොකොමොට්ව් ඔපරේටින් ඉංජිනියස් සංගමය යොමුකළ ලිපිය මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
17
+1
3
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?