දුප්පත් විදුලි පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයක් හරහා විදුලි ලබාදෙන්න – සජිත්

රට තුළ කාර්යක්ෂම විදුලි ජනන ප්‍රතිපත්තියක් නොමැති වී හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමේ හා කාර්යක්ෂමව සේවාවක් සැපයීමේ දී ගැටලු රාශියක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ විදුලි ගාස්තු අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අද (08) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පුනනර්ජනනීය බලශක්ති හරහා විදුලි ඒකකයක මිල අඩුවට ලබාදිය හැකි මොහොතක එය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් රට තුළ නොමැති වීම විශාල ගැටලුවක් බැවින් සියලුම විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවයි විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේ.

මේ තුළින් විදුලි මිල පහළ දමන ලෙසත් ඒ උදෙසා මහජන උපයෝගීතා කොමිසම වැඩකටයුතු සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙසේ ලැබූ ලාභය ජනතාවට ලබාදිය යුතු බවත්, ඊට අමතරව දුප්පත් විදුලි පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයක් හරහා විදුලි ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි බවයි.

රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ නිවැරදි දත්ත විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල අමාත්‍යාංශය සතුව නොමැති බවත්, එම ආයතන දෙක සතුව ඇති දත්තයන්ගේ පරස්පරතා දක්නට ලැබෙන බවත්, එවැනි පරස්පරතා තිබිය දී විෂය භාර අමාත්‍යවරයා විවිධ අනපනත් ඉදිරිපත් කිරීම පුදුම සහගත බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

හිට්ලර් කෙනෙකු නොවී මහත්මා ගාන්ධි කෙනෙකුවන ලෙස විෂය භාර අමාත්‍යවරයාට තමන් දැනුම් දෙන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?