දුනිත්ගේ සුපිරි දක්ෂතාවෙන් බාබඩෝස් රාජකීයන්ට තියුණු ජයක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දුවෙන් සහ පිත්තෙන් එකලෙස දැක්වූ දක්ෂතා හේතුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවති තරගය ජයගන්නට බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියස් කණ්ඩායම පරාජය කළ බාබඩෝස් රෝයල්ස් ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තේ කඩුලු 02කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 153ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

සෙන්ට් කිට්ස් ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම මහීෂ් තීක්ෂණ සහ දුනිත්ගේ ගොදුරු බවට පත් වෙද්දී කඩා වැටුණු සෙන්ට් කිට්ස් ඉනිම ගොඩගැනීමේ වගකීම හදිසියේම තරගාවලියට කැඳවූ වනිඳු හසරංග භාරගත්තා.

එහිදී වනිඳු පන්දු 27ක් තුළ හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 40ක් රැස් කළා .

ඊට අමතරව මියිකල් ලුවී ලකුණු 30ක් සහ රයන් ජෝන් ලකුණු 29ක් සෙන්ට් කිට්ස් ඉනිමට එක් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ සිය පන්දුවාර 04 තුළ ලකුණු 35ක් ලබාදෙමින් කඩුලු 03ක් බිඳ දැමු අතර, මහීෂ් තීක්ෂණ සෙන්ට් කිට්ස් ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 154ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට බාබඩෝස් රෝයල්ස් පිතිකරුවන් පිටියට පිවිසි අතර, බාබඩෝස් ජයග්‍රහණයේ මාවත සකසා දුන් වෙල්ලාලගේ පන්දු 32ක් තුළ හතරේ පහර පහක් සමඟ ලකුණු 39ක් රැස් කළා.

කඩීම් ඇලයින් ලකුණු 30ක් බාබඩෝස් පිළිතුරු ඉනිමට එක් කළ අතර, අවසන් මොහොතේ බාබඩෝස් ජයග්‍රහණය දැවැන්ත හයේ පහරකින් තහවුරු කළ නයීම් යංග් නොදැවී ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ඉනිමේ තවත් එක් පන්දුවක් ඉතිරිව තිබිය දී තරගය ජයගන්නට බාබඩෝස් රෝයල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී කයිල් මේයර්ස් කඩුලු 02ක් බිඳ දැමූ අතර, වනිඳු හසරංග, ඇන්රිච් නොර්ට්ජේ, වීරසාමි පර්මාල් සහ රයන් ජෝන් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් පෑ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
55
+1
0
+1
11
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26