දුන්න ණය ඉල්ලුවාට ණයහිමියෙකුට පිහි පහරක් එල්ල වෙයි

කළුතර නගරයේ එළවළු වෙළෙඳුන් දෙදෙනකු අතර ඇති වූ ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් දුරදිග ගිය කතාබහකින් පසු ව ණයගැති වෙළෙන්දා විසින් ණයහිමියාට පිහියකින් පහර දී තිබෙනවා.

ණයගැති පුද්ගලයා විසින් තමාට ණය මුදල ලබා දුන් වෙළෙන්දාගේ හිසට දෙවරක් ලූණු සුද්ද කරනු ලබන පිහියෙන් ඇන ඇති බවයි හෙළි ව ඇත්තේ.

පහරකෑමෙන් තුවාල ලැබූ ණයහිමි වෙළෙන්ඳා තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක් ව තුවාල ලබා ඇත්තේ කළුතර – හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

පහරකෑමට ලක් වූ පුද්ගලයා සැකකරුට රුපියල් 7000ක මුදලක් ණයට ලබා දී ඇති අතර, ඔහුගෙන් යළිත් ණය පියවීමක් ලෙසට රුපියල් 5000ක මුදලක් ලැබී ඇති බවත්, හිලව් ව තිබූ රුපියල් 2000 මුදල යළි ඉල්ලූ අවස්ථාවේ දී මෙලෙස පහර දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

මෙලෙස පහර දුන් ණයගැති වෙළෙන්දා ව පොලිස් අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?