දුන්න ණය ඉල්ලුවාට ණයහිමියෙකුට පිහි පහරක් එල්ල වෙයි

කළුතර නගරයේ එළවළු වෙළෙඳුන් දෙදෙනකු අතර ඇති වූ ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් දුරදිග ගිය කතාබහකින් පසු ව ණයගැති වෙළෙන්දා විසින් ණයහිමියාට පිහියකින් පහර දී තිබෙනවා.

ණයගැති පුද්ගලයා විසින් තමාට ණය මුදල ලබා දුන් වෙළෙන්දාගේ හිසට දෙවරක් ලූණු සුද්ද කරනු ලබන පිහියෙන් ඇන ඇති බවයි හෙළි ව ඇත්තේ.

පහරකෑමෙන් තුවාල ලැබූ ණයහිමි වෙළෙන්ඳා තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක් ව තුවාල ලබා ඇත්තේ කළුතර – හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

පහරකෑමට ලක් වූ පුද්ගලයා සැකකරුට රුපියල් 7000ක මුදලක් ණයට ලබා දී ඇති අතර, ඔහුගෙන් යළිත් ණය පියවීමක් ලෙසට රුපියල් 5000ක මුදලක් ලැබී ඇති බවත්, හිලව් ව තිබූ රුපියල් 2000 මුදල යළි ඉල්ලූ අවස්ථාවේ දී මෙලෙස පහර දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

මෙලෙස පහර දුන් ණයගැති වෙළෙන්දා ව පොලිස් අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12