දීඝදන්තු 01 හස්තියා පරලොව යැවූ සැකකරු 26 තෙක් හිරගෙට (වීඩියෝ)

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් ආඬියාගල – හිඟුරුවැව ප්‍රදේශයේ ගෙවත්තක දී සිදු වූ විදුලිසැර වැදීමකින් ඉකුත් දා මියගිය දීඝදන්තු 1 හස්තියාගේ මරණය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (12) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවනු ලැබුවා.

එහිදී පැමිණීල්ල හා විත්තිය යන දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් කැකිරාව මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අනුව සැකකරු ලබන 26 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම නඩුවේ පැමිණීලි පාර්ශ්වය වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වනසත්ව නියාමක සඳුන් හේමනායක හා වනසත්ව අඩවි ආරක්ෂක ආර්.එම්.රත්නායක යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණීල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව වනසත්ව හා පරිසරය සංවිධාන මෙන්ම, වනසත්ව ලෝලීන් නියෝජනය කරමින් නීතිඥවරුන් 12 දෙනෙකු දීඝදන්තු 01 හස්තියා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

නඩුවේ විත්තිකරු වෙනුවෙන් ද , නීතිඥවරු 6 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටිමින් විත්තිකරු වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සළකා බලමින් විත්තිකරු ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කළා.

දෙසැම්බර් මස 26 වන දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?