දීඝදන්තු 01 හස්තියා පරලොව යැවූ සැකකරු 26 තෙක් හිරගෙට (වීඩියෝ)

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් ආඬියාගල – හිඟුරුවැව ප්‍රදේශයේ ගෙවත්තක දී සිදු වූ විදුලිසැර වැදීමකින් ඉකුත් දා මියගිය දීඝදන්තු 1 හස්තියාගේ මරණය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (12) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවනු ලැබුවා.

එහිදී පැමිණීල්ල හා විත්තිය යන දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් කැකිරාව මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අනුව සැකකරු ලබන 26 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම නඩුවේ පැමිණීලි පාර්ශ්වය වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වනසත්ව නියාමක සඳුන් හේමනායක හා වනසත්ව අඩවි ආරක්ෂක ආර්.එම්.රත්නායක යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණීල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව වනසත්ව හා පරිසරය සංවිධාන මෙන්ම, වනසත්ව ලෝලීන් නියෝජනය කරමින් නීතිඥවරුන් 12 දෙනෙකු දීඝදන්තු 01 හස්තියා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

නඩුවේ විත්තිකරු වෙනුවෙන් ද , නීතිඥවරු 6 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටිමින් විත්තිකරු වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සළකා බලමින් විත්තිකරු ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග කළා.

දෙසැම්බර් මස 26 වන දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21