දිස්ත්‍රික්ක 21කට තද සුළං, කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු මැද,වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ (දිස්ත්‍රික්ක 21කට) විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-55 පමණ තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඊට අමතරව දිවයිනේ සසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තද සුළං පිළිබඳව අද (31) පෙරවරුවේ නිකුත් කරනු ලැබූ අවවාදාත්මක නිවේදනය හෙට (01) පෙරවරු 08.30 දක්වා වලංගුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?