දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ඇඳහැලෙන වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, පස්සර, ලුණුගල සහ වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහෙන සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මේ අතර පසුගිය මාසයේ ලැබුණු වර්ෂාපතනයත් සමඟ නායයාමේ පූර්ව ලක්ෂණ බොහෝ ප්‍රදේශවල මතුව ඇති බවයි ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?