AFC Banner
Empty Ad
Empty Ad

දිවුලපතාන ගම්මානයේ වර්තමාන තත්ත්වය ගැන පාර්ලිමේන්තු සංසදයක අවධානය

මහවැලි කලාපයේ දකුණු ඉවුරේ සංවර්ධන ප්‍රදේශයට අයත් චෙතිහාසික වටිනාකමක් සහිත ගම්මානයක් වන දිවුලපතාන ගම්මානයේ ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මවීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මේ සඳහා පුජ්‍ය මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක, අඟුලුගල්ලේ ජිනානන්ද, පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර ස්වාමීන්වහන්සේ සම්බන්ධ වී තිබෙනවා.

එහිදී මෙම ගම්මානයේ ඓතිහාසික වටිනාකම පිළිබඳව සහ වර්තමානයේ සිංහල සහ දෙමළ ජනතාව අතර ගම්මානය සම්බන්ධයෙන් මතුවිය හැකි තත්ත්වය පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. එසේම දේශපාලන අතගැසීමකින් තොරව මෙම ගම්මානය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙම ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව දිවුලපතාන ගම්මානය සම්බන්ධයෙන් ස්වාධීනව අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙසටයි මහවැලි අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට සංසදය විසින් උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම සිංහල හෝ දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු නොවන ලෙස ඉදිරියේදී කටයුතු කරන ලෙසත් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට සංසදය උපදෙස් දෙනු ලැබුවා.

එසේම වසර ගණනාවක සිට ඒ ඒ ප්‍රදේශවල සිටින අනවසර පදිංචිකරුවන් ලෙස සලකන ජනතාව වෙනුවෙන් නීත්‍යානුකූලව ඉඩම් ලබාදීම පිළිබඳවත් සලකා බලන ලෙසට පැමිණි නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

තවද දිවුලපතාන ගම්මානයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙම සංසදයට වාර්තාවක් ලබා දෙන ලෙස සංසදයේ සභාපති විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?