දිවුලපතාන ගම්මානයේ වර්තමාන තත්ත්වය ගැන පාර්ලිමේන්තු සංසදයක අවධානය

මහවැලි කලාපයේ දකුණු ඉවුරේ සංවර්ධන ප්‍රදේශයට අයත් චෙතිහාසික වටිනාකමක් සහිත ගම්මානයක් වන දිවුලපතාන ගම්මානයේ ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මවීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මේ සඳහා පුජ්‍ය මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක, අඟුලුගල්ලේ ජිනානන්ද, පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර ස්වාමීන්වහන්සේ සම්බන්ධ වී තිබෙනවා.

එහිදී මෙම ගම්මානයේ ඓතිහාසික වටිනාකම පිළිබඳව සහ වර්තමානයේ සිංහල සහ දෙමළ ජනතාව අතර ගම්මානය සම්බන්ධයෙන් මතුවිය හැකි තත්ත්වය පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. එසේම දේශපාලන අතගැසීමකින් තොරව මෙම ගම්මානය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙම ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව දිවුලපතාන ගම්මානය සම්බන්ධයෙන් ස්වාධීනව අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙසටයි මහවැලි අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට සංසදය විසින් උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම සිංහල හෝ දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු නොවන ලෙස ඉදිරියේදී කටයුතු කරන ලෙසත් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට සංසදය උපදෙස් දෙනු ලැබුවා.

එසේම වසර ගණනාවක සිට ඒ ඒ ප්‍රදේශවල සිටින අනවසර පදිංචිකරුවන් ලෙස සලකන ජනතාව වෙනුවෙන් නීත්‍යානුකූලව ඉඩම් ලබාදීම පිළිබඳවත් සලකා බලන ලෙසට පැමිණි නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

තවද දිවුලපතාන ගම්මානයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙම සංසදයට වාර්තාවක් ලබා දෙන ලෙස සංසදයේ සභාපති විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00