Empty Ad
AFC Banner
Empty Ad

දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනයට විධිමත් වැඩපිළිවෙලක්

දිවිපිදූ රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා පවතින ගැටළු විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත් වුණා.

මීට පෙර පැවති සාකච්ඡාවල දී එළඹි තීරණ වලට අනුව, මේ දක්වා ලබාගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මෙන්ම රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමුව තිබෙනවා.

මෙම ගැටළු ඵලදායීව සහ කාර්යක්‍ෂමව විසඳීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක අවශ්‍යතාවය කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවා.

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කළා.

ඒ, අනුව ඵලදායී සහ තිරසාර විසඳුම් ලබාදීම සඳහා පත් කරනු ලැබූ කමිටුවෙහි කැපවීම මෙම සාකච්ඡාවේ දී යළිත් තහවුරු කළා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදාළ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර, එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ වත්මන් රජය මෙම රණවිරු පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් තුළින් ඔවුන්ගේ ජීවන යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටින බවයි.

කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?