දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ප්‍රමිතිය නියාමනය කිරීමේ සූදානමක්

ශ්‍රී ලංකාවේ රැකියාවේ නියුතු කාන්තාවන්ගේ වයස අවුරුදු 0-5 දක්වා දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධව පවතින ගැටළු සහ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සළකා බැලීම කාරක සභාවේදී සිදු වුණා.

මෙම වාර්තාව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සම්පාදිතයි.

වයස අවුරුදු 0-5 අතර දරුවන් මවගේ රැකවරණයෙන් තොරව හැදෙන වැඩෙන වපසරියක් තුළ ඉන් දරුවාට ඇතිවන බලපෑම ඉදිරි වසර 20-25 තුළ සමාජීය වශයෙන් විශාල බලපෑමක් ඇති කරන බවත් ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරලගේ සභාපතීත්වයෙන් පසුගිය 08 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වුණා.

අමාත්‍යංශ චක්‍රලේක අංක 02/2023 අනුව වයස අවුරුදු 02 සහ ඊට වැඩි දරුවන් සිටින මව්වරුන් සඳහා විදේශගත වීමට අවසර ලබා දී ඇති අතර, එමගින් දරුවාට මව්කිරි ලබාගැනීමට ඇති හැකියාව අහිමි වන අතරම මව හා දරුවා අතර ඇතිවන බැඳීම සහ සෙනෙහස ද අහිමිවන බව කමිටුව විසින් අවධාරණය කළා.

තවද, කුඩා කල සිටම මව අහිමි වීම අනාගතයේ දී ඉතාමත් කලහකාරී පරපුරක් බිහිවනු කරනු ඇති බවත්, මව විදෙස්ගත වීම හේතුවෙන් කුඩා කළ සිට දරුවන්ට රැකවරණය අහිමිවන බැවින් එම දරුවන් අනාගතයේ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් පවතින බවත් වෙනත් කෙනෙකුගේ රැකවරණය යටතේ සිටින බැවින් අසල්වසියගෙන් පමණක් නොව, පියා, සීයා වැනි සමීපතම ඥාතීන්ගෙන් පවා අතවරයට පත්විය හැකි බව මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

මුල් ළමාවියේ පසුවන දරුවන්ට ආරක්‍ෂිත හා විධිමත්ම නිර්දේශ මත ක්‍රියාත්මක වන දිවාසුරැකුම් මධ්‍යස්ථානවල දැඩි
අවශ්‍යතාවයක් පවත්නා බවත් ඊට යම් පිළියමක් යෙදිය යුතු බවත් මෙහිදී අවධාරණය කරනය කළා.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සහ අධීක්ෂණය සඳහා නිශ්චිත ආයතනයක් නොමැති වීම වීම සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිසි පරිදි ලියාපදිංචි නොවීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධ දත්ත ඉතා අඩුපාඩු සහිත වීම ගැටළු සහගත
බව මෙහිදී තවදුරටත් සාකච්ඡාවට බඳුන් වුණා.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් විධිවිධානවලට අනුගත වී ඒ අනුව ක්‍රියාත්මක වීම තුළින් ඉහත ගැටළු මඟ හරවා ගත හැකි බව කාරක සභාවේ අදහස වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකාවේ පවතින දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ප්‍රමිතිය නියාමනය කිරීමට මෙන්ම, අවුරුදු 05ට අඩු දරුවන් සහිත මව්වරුන් විදේශගත වීම වළක්වමින් පනවා තිබූ නීතිය නැවත බලාත්මක කිරීමට කටයුතු යෙදීම ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් නිර්දේශ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?