Empty Ad
AFC Banner
Empty Ad

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට

දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් අද (09) පෙරවරුවේ සිට දිවයින පුරා විදුලිය බිඳ වැටුණා.

එහිදී විෂයභාර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ පානදුර ග්‍රිඩ් උපපොළ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් මෙම විදුලි බිඳ වැටීමට හේතු වූ බවයි.

අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය මෙලෙස විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

මේ සමඟ විදුලි බල මණ්ඩලය විසින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් අතර, අද (09) ඉරිදා දිනයක් වූ බැවින් විදුලි ඉල්ලුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?