දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
මෙහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙන බවයි ජනාධි මාධ්‍ය අංශ සදහන් කළේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දීර්ඝකාලින සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම, විශේෂයෙන්ම, ඉන්ධන සැපයුම, බලශක්ති සුරක්ෂිතතාව සහ දිගුකාලීන හවුල්කාරිත්වය සඳහා ඇති නව අවස්ථා පිළිබඳවද අවධානය යොමු කෙරෙන බවත් සඳහන්.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාව අද (26) පෙරවරුවේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව පිළිබඳ අතිරේක ලේකම් එම්.ආර්.කේ. ලෙනගල සහ එහි යුරෝපය සහ උතුරු ඇමරිකාව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න විසින් පිළිගනු ලැබුවා.
ගෝලීය වෙළෙඳපොළ තත්ත්ව වෙනස් වෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්රයේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටෙහි උත්සාහය මෙම සංචාරයෙන් පිළිබිඹු කෙරෙනවා.













