දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ගැන අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
4
+1
9
+1
21
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ දැඩි උණුසුම් තත්ත්වයක්..කඩ හිමියන් කුපිත වෙයි
10:11
Video thumbnail
අලි වෙනුවෙන් පෙරට ඇවිත් පාර්ලිමේන්තුවම උණුසුම් කළ චාමර.."දිගටම ගියොත් රටේ අලි ඉතුරු වෙන්නේ නෑ"
09:04
Video thumbnail
චාමර සම්පත් - පරිසර ඇමති පාර්ලිමේන්තුවේ පැටලෙයි.."චාමර සම්පත් වලිගේ පාගගෙන..ජනතාව නොමඟ යවන්න එපා"
04:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 07.01.2026
08:08:52
Video thumbnail
මල්ලකුත් උස්සන් අධිකරණයට එන ඩුබ්ලිකේට් ඉෂාරා..
02:01
Video thumbnail
ප්‍රසාද් සර් කුපිත වී වටේටම දෙසයි.."ඇමති කැන්ටිමේ හිටියනේ ඇවිත් උත්තර දෙන්න"
11:12
Video thumbnail
වෛද්‍යවරු රවට්ටපු ආණ්ඩු වැඩි කල් ඉන්නේ නෑ
13:04
Video thumbnail
වි#සිවෙලා ගිය යතුරුපැදිය - කැමරාවේ සටහන් වූ අනතුර
00:32
Video thumbnail
ගම්මන්පිල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා කුපිතවෙයි..සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවුල් ජාලවක්
05:33
Video thumbnail
කාලගුණය කැළඹෙයි
02:10


?