දිල්ලි කණ්ඩායමට එරෙහි පරාජයෙන් පසු රිෂාබ් පාන්ට් සහ සංජීව් ගොඑන්කා දැඩි කතාබහක (වීඩියෝ)

2026 අයි.පී.එල් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (01) ලක්නව් හිදී එකිනෙකා මුණගැසුණා.

මෙම තරගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් පරාජය කරමින් කඩුලු 06ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.ඒ වරම් හිමිකර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංකට අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.

මේ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ පරාජයෙන් පසුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට් සහ කණ්ඩායම් හිමිකරු සංජීව් ගොඑන්කා සමඟ යම් සංවාදයක් සිදුවන ආකාරය ක්‍රීඩා පිටියේ දී දැකගත හැකි වුණා.

එමෙන්ම මෙම සංවාදයට ලක්නව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද එක්ව සිටියා.

මෙම සිදුවීම සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වන අතර, ඊයේ පිටිය තුළ දී සිදුවූ මෙම සංවාදය, 2024 අයි.පී.එල් තරගාවලියේ දී එවකට ලක්නව් කණ්ඩායමේ නායකයා වූ කේඑල් රාහුල් සහ හිමිකරු සංජීව් ගොඑන්කා අතර සිදුවූ උණුසුම් සංවාදය සිහිගන්වන්නක් වුණා.

2024 අයි.පී.එල් තරගවාරයේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලක්නව් කණ්ඩායම ලැබූ පරාජයෙන් පසු කේඑල් රාහුල් සහ සංජීව් ගොඑන්කා අතර මෙම උණුසුම් කතා බහ ඇතිව තිබූ අතර, එය ද සමාජ මාධ්‍යයේ දැඩි අවදානයක් යොමුවූ සිදුවීමක් බවට පත්ව තිබුණා.

ඊයේ තරගයෙන් අනතුරුව රිෂාබ් පාන්ට් සහ සංජීව් ගොඑන්කා අතර සිදුවූ සංවාදය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර විශේෂ මෙහෙයුමක්
01:38
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර නගර සභාවෙන් විශේෂ මෙහෙයුමක්
02:00
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59