AFC Banner
AFC Banner
Empty Ad

දිය නෑමට ගිය සාපෙළ සිසුවෙක් ජීවිතක්ෂයට

ඔක්කම්පිටිය කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (03) මෙම සිසුවා තම මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන සිසුවෙක් වන අතර ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටින අයෙක්.

කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය ඔහු එක් වරම දියේ ගිලී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන රෝහල් ගත කළ ද ඒ වන විටත් සිසුවා මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු ඔක්කම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර ඔක්කම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
13
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?