දියුණු පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට රජය උත්සාහ ගන්නවා – අගමැති

රටට ගැළපෙන දියුණු පුරවැසියෙකු බිහිකිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා විෂය මාලා වෙනසක් පමණක් නොව සිසුන්ට හා ගුරුවරුන්ට ලැබිය සියලු යටිතල පහසුකම් සලසමින් ආරම්භ කළ යුතු බවත්, එය යම් කාලයක් ගතවන දැවැන්ත කාර්යයක් බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූ හලාවත සේනානායක ජාතික පාසල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් හලාවත සේනානායක ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් පදක්කම් සහ සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?