දියවන්නාවේ ජලය කහ පාට වූ හේතුව ජොන්ස්ටන් සොයාගනී

පළාත් සභා මැතිවරණය තියන්න තිබ්බෙ මීට කලින්. ඒක වැලැක්වුවෙ ප්‍රේමදාස මහත්තයා හිටපු යහපාලන ආණ්ඩුව. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ නැහැ. අවුරුදු දෙකක් කල් දැම්මා. එයින් ඔවුන් පැරදුනා. ඔවුන් පළාත් සභා පනත වෙනස් කරා. ප්‍රාදේශීය සභා ඡන්දය පැරදුන නිසා පළාත් සභා මැතිවරණය නොතියන්න කටයුතු කළා. ඕනම ඡන්දයක් කලට වෙලාවට තියන්න ඕනා. අපේ මතය නම් කලට වෙලාවට ඡන්දය තියන්න ඕන කියන එක. අපිත් ඡන්දය තියන්නේ නැති එකට විරුද්ධව පෙනී හිටිය අය. මේ රටේ ඡන්ද කලට වේලාවට තිබිය යුතුයි. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.

මමත් මුලින් හිටියේ පළාත් සභාවේ. අදටත් ඒ පලාත් සභාව තියනවා. ඒකෙ රාජ්‍ය නිලධාරීන් සේරම ඉන්නවා. නැත්තෙ ජනතා නියෝජිතයන් විතරයි. සමහරු පලාත් සභා අවශ්‍ය නැහැ කියලා කියයි. නමුත් හෙට පලාත් සභා අවශ්‍ය නැහැ කිව්වොත් රාජ්‍ය නිලධාරීන් ඉතුරු වෙනවා. පලාත් සභා නැහැ කියලා පලාත් සභා වල රාජකාරී කරන රාජ්‍ය නිළධාරීන්ව ගෙදර යවන්න බැහැ. පලාත් සභා වලින් දේශපාලනඥයන්ට කරන වියදම් විතරයි අඩුවෙලා තියෙන්නේ. පලාත් සභාව හොද නැත්නම් ව්‍යවස්ථාවක් ගෙනත් ඒක වෙනස් කළ යුතුයි. නමුත් අද වෙද්දි නීත්‍යානුකුලව පලාත් සභාව තිබිය යුතුයි. ඒ නිසා ඉදිරියේ දී පලාත් සභා ඡන්දය පැවැත්වෙනවා .

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා …

දැන් විපක්ෂයේ අලුත්ම නාටකය තමයි දියවන්නාවේ වතුර කහපාට වෙලා තියනවා කියන එක. එතුමාගෙ තාත්තා ජනාධිපතිවෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණේ වතුර ටික යවන්නේ දියවන්නා ඔයට. නමුත් දැන් දියවන්නාවෙ වතුර කහපාට වෙලා තියෙන්නේ ඒ වතුර යවලා නෙවෙයි. ඇල්ගී විශේෂයක් ඇවිත් තියනවා මේ වතුරට. මේ තත්ත්වය මාස දෙකක් පුරාවට තියෙනවා. මේ සම්බන්ධ වාර්තා මම හොදින් බැලුවා.

ඒ වතුරේ ස්වරූපයටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අල්ලාගෙන මතයක් ගොඩනගන්න විපක්ෂය හදනවා. තමන්ගේ පාර්ලිමේන්තුව පහලට දමන්න හදනවා. මේ තමයි ඔහු කටයුතු කරන ආකාරය. ඔහු තමයි ඔහුගේ නිවාස හදන ව්‍යාපෘතියෙදි ගස්කපනව බලාගෙන හිටිය නායකයා. ඒ වගේම රිෂාඩ් බදියුර්දීන් අක්කර සිය ගානක් කපද්දි නිශ්ෂබ්දව හිටපු නායකයා තමයි අද මේ දැන් අපේ ආණ්ඩුව ගස් කපනවා කියලා ඇගිල්ල දික්කරලා කෑගහන්නේ. අපි පරිසරයට ආදරෙයි. අපි අපේ අමාත්‍යාංශය හරහා විතරක් පැල මිලියනයක් රෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් අපි පැල 75,000 තවන් දාලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක පරිසරයට ආදරය කරන ආණ්ඩුවක් කියලා. ඔවුන් තාවකාලික වින්දනයක් ලබනවා අපි පරිසරයට හානි කරනවා කියලා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09