logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දියර වර්ගයක් පානය කර අකරතැබ්බයකට මුහුණ පෑ ධීවරයින් ගෙනවිත් දෙන්නැයි විරෝධතාවයක

මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බෝතලයක තිබූ දියර වර්ගයක් මත්පැන් යැයි සිතා පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු මිය යාමේ පුවතක් අද (29) දහවල් වාර්තා වුණා.

මේ අතර එම බහුදින ධීවර යාත්‍රාවේ සිටින තවත් ධීවරයින් සිව්දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර එම ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින් පිරිස ගෙනවිත් දෙන ලෙස ඉල්ලා කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල, පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ බහුදින ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින්ගේ පවුල්වල ඥාතීන් සහ ප්‍රදේශවසීන් එක්ව මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ධීවර වරාය ශ්‍රී ලංකාවට දකුණු නාවික සැතපුම් 320ක් දුරින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?