දියර වර්ගයක් පානය කර අකරතැබ්බයකට මුහුණ පෑ ධීවරයින් ගෙනවිත් දෙන්නැයි විරෝධතාවයක

මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බෝතලයක තිබූ දියර වර්ගයක් මත්පැන් යැයි සිතා පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු මිය යාමේ පුවතක් අද (29) දහවල් වාර්තා වුණා.

මේ අතර එම බහුදින ධීවර යාත්‍රාවේ සිටින තවත් ධීවරයින් සිව්දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර එම ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින් පිරිස ගෙනවිත් දෙන ලෙස ඉල්ලා කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල, පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ බහුදින ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින්ගේ පවුල්වල ඥාතීන් සහ ප්‍රදේශවසීන් එක්ව මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ධීවර වරාය ශ්‍රී ලංකාවට දකුණු නාවික සැතපුම් 320ක් දුරින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05