දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට දීප ව්‍යාප්තව විධිමත් වැඩපිළිවෙළක්

දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසනවා.

රට තුළ දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය දීප ව්‍යාප්තව නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ටී.බී හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක් මගකට” මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා….

පසුගිය කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යංශයට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වුණා. එම අර්බුද හමුවේ රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම සඳහා ජනාධිපතිතුමා ශක්තිමත් වැඩපිළිවෙළක් ආරම්භ කළා.

පශු සම්පත් ක්ෂේත්‍රයේ දී මූලිකවම රටේ කිරි නිෂ්පාදන අවශ්‍යතාව සහ ප්‍රොටින් අවශ්‍යතාව සපුරාලීම අපේ අපේක්ෂාවයි. වෛද්‍ය නිර්දේශ අනුව දිනකට එක් පුද්ගලයෙකුට කිරි මිලි ලීටර් සීයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව දෛනික කිරි මිලි ලීටර් මිලියන 750ක් රට තුළ නිෂ්පාදනය කළ යුතුයි.

2021 වසරේ දී අපට එම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුණා. අපට නිෂ්පාදනය කරගත හැකි වුණේ කිරි ලීටර් මිලියන 712ක් පමණයි. ඉතිරිය අපට විදෙස් රටවලින් ආනයනය කිරීමට සිදු වුණා. ඒ සඳහා රුපියල් බිලයන 58ක මුදලක් රජය වැය කර තිබෙනවා. මෙය අපට ආර්ථික වශයෙන් බරපතල අභියෝගයක්.

මේවන විට තීරු බදු සහන ලබාදී සත්ව ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එමෙන්ම මව් සතුන් ආනයනයටත් අවස්ථාව ලබා දී තිබෙනවා. මෙයින් අප බලාපොරොත්තු වන්නේ පිරිවැය අවම කර ගැනීමයි. එමගින් මේ නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබාදීමට අපි අපේක්ෂා කරනවා.

කර්මාන්තය ආශ්‍රිතව බිඳ වැටුණු ව්‍යාපාර නැවත ශක්තිමත්ව ආරම්භ කිරීම මෙහිදී අපගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබෙනවා.

අපේ අභිලාෂය රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමයි. එය අභියෝගයක් වුවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අප දැනමටත් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළේදී අපට දැනට සිටින්නේ එළ ගවයන් 16,000ක් පමණයි. ඒ වගේම මී ගවයන් ලක්ෂ 04ක් සිටිනවා.

දැනට වයඹ සහ මධ්‍යම පළාත් විශාල වශයෙන් කිරි නිෂ්පාදනයට දායක වෙනවා. ඒ වගේම නැගෙනහිර සහ දකුණු පළාත තුළ වැඩි වශයෙන් සතුන් ඇති කිරීම සිදු වන්නේ මස් පිණිස පමණයි. උතුරු පළාත කිරි නිෂ්පාදනයේ දී තුන්වැනි ස්ථානය ගෙන තිබෙනවා.

ඒ වගේම තුන්ලක්ෂ පනස්දහසක් වන පශු සම්පත් ක්ෂේත්‍රය නියෝජනය කරන සුළු පරිමාණ ගොවීන් ඇතුළු එම ක්ෂේත්‍රයේ අනෙකුත් ගොවින්ට අවශ්‍ය විෂයය සම්බන්ධ දැනුම ලබාදීමටත් එමගින් නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගැනීමට අපි මේ වන විටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

කිරි නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට නම් එම සතුන්ගේ ආහාර, සෞඛ්‍ය සහ නඩත්තුව, අභිජනන ක්‍රියාවලිය මෙන්ම මව් සතුන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළයුතුයි. ඒ සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය ආරම්භ කර දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙනවා.

තණකොළ බෝගයක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරගෙන යනවා. ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළේදී එක් වගා කරුවෙකුට රුපියල් 20,000ක දීමනාවක් රජය මගින් ලබාදෙනවා.

ඒ වගේම සත්ව ආහාර සහ සෙසු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නෛතිකව වාරි කර්මාන්ත භාවිතා කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා. ලංකාවේ පාරම්පරික සත්ව ගහණයෙන් ලබා ගන්නට හැකි කිරි ප්‍රමාණය තිබෙන්නේ අවම මට්ටමකයි. දේශීය පාරම්පරික ගවයන්ගෙන් දෙනිකව ලබාගත හැක්කේ කිරි ලීටර් හතරක් පහක් පමණයි. කෙසේ වුවත් එක් සතෙකුගෙන් දිනකට කිරි ලීටර් හතළිහක් පමණ ලබා ගන්නා අවස්ථා අපට හඳුනාගැනීමට හැකිවී තිබෙනවා. අපිත් අවම වශයෙන් එක් සතෙකුගෙන් කිරි ලීටර් 15ක් වත් ලබා ගැනීමේ වැඩ පිළිවෙළකට යා යුතුයි. මේ සඳහා සතුන්ගේ ජානමය ශක්තිය වැඩි කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි. තවද අභිජනන ක්‍රියාවලිය මගින් ශක්තිමත් ගව පරම්පරාවක් ඇති කර ගැනීමට අපේක්ෂා කරනවා. එමගින් අපගේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීමට මනා පිටිවහලක් ලැබෙනවා.

ඇතැම් කිරිපිටි වර්ග පෝෂණ ගුණයෙන් අඩු මට්ටමක තිබෙන නිසා ලෝකයේ දියුණු රටවල් දැනටමත් දියර කිරි භාවිතයට පෙළඹී සිටිනවා. අප ද මෙම අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බැවින් ඒ සඳහා වන ක්‍රමෝපායික වැඩපිළිවෙළක් අනුගමනය කරනවා.ඒ අනුව දිනකට දියර කිරි ලීටර් පන්දහසක් එකතු කළ හැකි මට්ටමේ කුඩා මධ්‍යස්ථාන දැනටමත් ප්‍රංශ ආධාර යටතේ දිස්ත්‍රික්ක කීපයක ආරම්භ කර තිබෙනවා. දැනටමත් දියර කිරි නිෂ්පාදනයට වගේම භාවිතයට රටේ ජනතාව තුළ උනන්දුවක් ඇති වී තිබෙනවා. මෙවැනි කිරි ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම මගින් වැඩි මුදලක් ගොවියා අතට ලැබෙනවා. එම වාසය ලැබෙන්නේ ගොවිජනතාවටයි. මෙය කිරි ගොවියාගේ ජීවන මාර්ගය ශක්තිමත් කිරීමක් මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක් බව කිවයුතුයි.

ඒ වගේම සත්ව පාලනයේ නිරතවන ගොවියන්ගේ දරුවන් තරුණ සේවා සභාව සමග සම්බන්ධ කර ගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ඔවුන් පශු සම්පත් කර්මාන්තයට දායක කර ගැනීමේ වැඩපිළවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් දේශීය අවශ්‍යතා සපුරාලීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා.

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ මෙරට කුකුළුමස් හා බිත්තර කර්මාන්තයට විශාල ගැටලුවකට මුහුණදිමට සිදු වුණා. දිනකට රටේ දෛනික අවශ්‍යතාවය සපුරලීම සඳහා බිත්තර ලක්ෂ 80ක් අවශ්‍යයි. එම අවශ්‍යතාව දේශීයව සපුරාගැනීමට නොහැකි වීම නිසා බිත්තර ආනයනයට කිරීමට රජයට සිදු වුණා.

නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වෙමින් තිබෙනවා. ඒ සඳහා මවු සතුන් වර්ධනය කර ගැනීමේ අභියෝගය අප සාර්ථකව ජය ගනිමින් සිටිනවා.

අපි දැනට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් දෙලක්ෂ එකළොස්දහසක් පමණ ආනයනය කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී සත්ව ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ. ඒ වගේම ඉදිරියේදී රටට අවශ්‍ය බඩ ඉරිගු රට තුළම නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සහ එමගින් රට ස්වයංපෝෂිත කිරීමේ පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් සමග මේ වන විට සාකච්ඡා කර අවසන්.

මෙහිදී බඩ ඉරිගු නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ දී ගොවියෙකුට අක්කරයකට රුපියල් 20,000ක් ලබාදීමට රජය කටයුතු කරනවා. දැනට ග්‍රාමීය මට්ටමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

ඒ වගේම කුකුළු මස් අපනයනය පිළිබඳ රජය අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මාලදිවයින, මැද පෙරදිග සහ අරාබි රටවල්වල ශ්‍රී ලංකාවේ මස් සඳහා විශේෂ ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා අවධානය යොමු කරමින් මස් නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කර රටට අවශ්‍ය කරන විදේශ විනිමය උපයා ගැනීමට ද අප අවධානය යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43