දියණියගේ පපුව අතගෑ මිතුරාට මාරාන්තික පොලු ප්‍රහාරයක්

පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසට පැමිණි මිතුරා තම, නව හැවිරිදි දියණියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් උරණ වී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පෙරේදා (21) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා මතුගම, නාපිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (22) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ දින 14ක කාලයක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) දින සිදුකිරීමට නියමිත බවයි මතුගම පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ මතුගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
109
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?