හෙටින් (17) ආරම්භ වන බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කර සිය ජ්‍යේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් හට වටිනා සමුගැනීමක් ලබාදීම තම අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට පමණක් ක්‍රීඩා කරන ඇන්ජිලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය හෙට පැවැත්වෙනවා.
ඒ ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමු ගන්නා බවට නිවේදනය කිරීමෙන් පසුවයි.
පසුගිය ටෙස්ට් තරගාවලියේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය දිමුත් කරුණාරත්න වෙනුවෙන් ඒ දේ ඉටු කිරීමට නොහැකි වීම ගැන ද තමන්ට කනගාටුවක් ඇති බව ද මෙහිදී නායක ධනංජය ද සිල්වා සිහිපත් කළා.
එබැවින් හෙට තරගය ඉතාමත් හොඳින් ආරම්භයක් ලබා දී තරගය ජයග්‍රහණය සිය අරමුණ බවයි ධනා කියා සිටියේ.





